
Loading...
1931 වසරේදී අතිපූජ්‍ය බිබිලේ ඥානසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ අමරණීය ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණන්ගේ මූලිකත්වයෙන් හා මගපෙන්වීමෙන් රත්නපුර බෞද්ධ මන්දිරයේ සදාකාලික අඩිතාලම වැටුණි. එසමයෙහි රත්නපුර ප්‍රදේශයේ පැවති ආගමික පාසල් පද්ධතියට විකල්පයක් ලෙස, හෙළ බෞද්ධ සාරධර්මවලින් පිරිපුන් පරපුරක් බිහිකිරීමේ අරමුණින් මෙම පින්බිම බිහිවිය.
ආරම්භයේදී මෙහි පහළ මාලය ආගමික වතාවත් සඳහා වෙන් වූ අතර, ඉහළ මාලය “ධර්මපාල විද්‍යාලය” නමින් සිංහල බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. දශක ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත දරුවන්ගේ නැණැස පාදා, පසුව රජයට භාර කෙරුණු එම ඓතිහාසික මෙහෙවරේ ශක්තිය අදටත් මෙම බිම තුළ සජීවීව පවතී.
අද වන විට රත්නපුර බෞද්ධ මධ්‍යස්ථානය යනු, එම ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ආශිර්වාදය පෙරදැරිව, සමාජයීය හා අධ්‍යාත්මික සුවය සලසන ප්‍රදේශයේ ප්‍රධානතම සදහම් නිකේතනයයි.
▶
සෑම පුර පසළොස්වක පොහොය දිනකම පැවැත්වෙන සීල සමාදාන සහ ධර්ම දේශනා වැඩසටහන් මගින්, සැදැහැවතුන්ගේ අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කරමින් සිතට සහ මනසට සදහම් සුවය සහ සහනය ලබාදීම
තව බලන්න ...සම්බුදු සසුන සුරකිනු පිණිස විවිධ ආගමික වතාවත් සහ දහම් දැනුම වර්ධනය කරන වැඩසටහන් පවත්වමින්, බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරාත්මක වටිනාකම් අනාගත පරපුරට දායාද කිරීමට අපි නිරන්තරයෙන් කැපවෙමු.
තව බලන්න ...දරුවන්ට ධර්මය, සදාචාරය හා ජීවිත මූලධර්ම ඉගැන්වීම සඳහා විශේෂ වැඩසටහන්.
තව බලන්න ...අසරණයන්ට උපකාර කිරීම, රුධිර දානය සහ සමාජ සේවා ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
තව බලන්න ...
For 4 Hour:-Rs.2500
වැඩසටහන්, ආගමික අවස්ථා හෝ වෙනත් අවශ්‍යතා සඳහා ශාලා සහ අවකාශය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අප අමතන්න.
දැන් අමතන්න